වෛරසයට එරෙහි බෙලාරුස් හි එන්නත්කරණ ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් 100,000ක් සිකුරාදා එරටට ලැබී තිබේ.
ඒ අනුව බෙලරුස් හි පළමු අනුමැතිය ලැබී ඇති එන්නත බවටද චීනයේ සීනොෆාම් එන්නත පත්ව ඇත.
මෙම එන්නත පරිත්‍යාග කරනු ලබන්නේ ජනවාරි 26 වැනි දින චීන ජනාධිපති ෂී ජින්පිං සහ බෙලාරුස් නායක ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ අතර දුරකථන සංවාදයකින් පසුවය. එහිදී කොවිඩ්-19 ට එරෙහි සටන ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමට ඔවුන් එකඟත්වයකට පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව සිකුරාදා වනවිට බෙලාරුස් හි කොවිඩ්-19 ආසාදන 275,322ක් වාර්තා වී තිබුණි.