බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ වර්ණය බවට රෝස පැහැය යොදා ගැනීමට යුරෝපයේ රජ පෙළපත් නියෝජනය කරන රැජිනියන් හා කුමරියන් කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
විශේෂයෙන් එංගලන්ත රජපවුලේ 38 හැවිරිදි කේට් මිඩ්ල්ටන් කුමරිය, ස්පාඤ්ඤ යේ ලෙටිසියා රැජින, බෙල්ජියමේ මැටිල්ඩ් රැජින, සහ වික්ටෝරියා කුමරිය වැනි අය මෙලෙස රෝස පැහැයෙන් යුතු ඇදුම් වලින් සැරසී තම රාජකාරිමය කටයුතු වල නිරත වනු පසුගිය දිනවල දක්නට ලැබිණ.
කෝවිඩ් වෛරසය යුරෝපයේ ඉතා වේගයෙන්ම පැතිර යන මොහොතක මනෝභාවය දීප්තිමත් කිරීමේ ක්‍රමයක්' සහ 'බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ ක්‍රමයක් ලෙස මෙලෙස රෝස පැහැති වර්ණයේ විලාසිතා යොදාගැනීම සිදු කෙරෙන බව මෝස්තර නිර්මාණකරුවන් සදහන් කරති.