පන්නල පොලිස් බල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් ඊයේ (30) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.
පන්නල ඇලබඩගම නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පවත්වාගෙන යන වැලි ගබඩාවක් පිළිබඳ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ වත්මන් සභාපති අනුර වල්පොල මහතාට ලැබුණු තොරතුරකට අනුව එම කාර්යාංශයේ වැටලීම් නිලධාරී විශ්‍රාමික මේජර් ඒ .එච් .එල් ජයන්ත මහතා හා පන්නල පොලීසියේ ස්ථානාධිපති තුමා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත.
නිලධාරීන් එම ස්ථානයට යන විටත් ඉස්කැවෙටර් යන්ත්‍රයකින් ටිපර් රථයකට වැලි පටවමින් සිට ඇති අතර එම වැලි ගබඩාවේ බලපත්‍ර පරීක්ෂාවේදී බලපත්‍රය කල් ඉකුත් වී තිබීම හේතුවෙන් එහි හිමිකරු හා ටිපර් රථය ස්කැවෙටර් යන්ත්‍රය අත්අඩංගුවට ගෙන පොලීස් බාරයට ගෙන ඇත.
කුරුණෑගල දිසා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි එම වැලි ගබඩාව සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
අලව්ව - අධිකාරි