බල්ගේරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය එක්තරීනා සහරීවා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇති බව විදේශ අමාත්‍යාංශය ඊයේ (10දා) නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් සහරීවා තවම හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්, දුරස්ථව සිය රාජකාරි ඉටු කරනු ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
2020 ඔක්තෝබර් මාසයේදී අග්‍රාමාත්‍ය බොයිකෝ බොරිසොව් එරට මුලින්ම කොවිඩ්-19 වසංගතය වැලඳුණු කැබිනට් සාමාජිකයා වූ අතර, ඊට අමතරව සෙසු කැබිනට් සාමාජිකයන් වන ක්රේසන් ක්රලෙව්, කිරිල් අනනියෙව් සහ ටොමිස්ලාව් ඩොන්චෙව් වරින් වර වෛරසයට ධනාත්මක බව හඳුනා ගැනුණි.
මේ වන විට බල්ගේරියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 266,805ක් වාර්තා වී ඇති අතර, රටේ මරණ සංඛ්‍යාව 10,902ක් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.