බලංගොඩ ඇඟලුම් කම්හලේ හපුතලේ පහළ පිටරත්මලේ කොරෝනා පොකුර අද (7) දින වන විට 33 දක්වා ඉහළ ගොස් ඇති බව හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
මීට පෙර මුලින්ම ආසාදිතයින් 18 දෙනකු හපුතලේ දඹේතැන්න පිටරත්මලේ වත්තෙන් හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයෙන් සම්බන්ධයෙන් කළ පී සී ආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව තව දහ අට දෙනෙකු කොරෝනා ආසාදිතයින් වී ඇති බවට අද (7) තහවුරු වී තිබේ.
ලයින් කාමර පේළි වල මෙම ජනතාව සිටීම නිසා කොරෝනා පැතිරීම වේගවත් වූ බව සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
විශාල පිරිසක් කුඩා ඉඩ කඩක ජීවත්වන නිසා වතු ජනතාව නිවැරදි සෞඛ්‍ය නීතිරීති ඉතා හොඳින් නොපිළිපදින්නේ නම් මෙවැනි වතු ආශිතව කොරෝනා පැතිරීම පාලනය කිරීම ඉතා අසීරු විය හැකි බවද සෞඛ්‍ය අංශය සඳහන් කරයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර