බෙලිඅත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට පැමිණි අයකු කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් ඒම කම්හලේ සේවක සේවිකාවන් තිස්දෙදනකු (32) නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරිහු අද (14) පස්වරුවේ පියවර ගත්හ.
කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 11 වැනිදා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනාගෙන තිබිණි.
ඒ අනුව ඔහු ගමන් කළ ස්ථාන සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහු ඉකුත් 8 වැනිදා බෙලිඅත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබිණි. මේ හේතුවෙන් එම පුද්ගලයා ආශ්‍රය කළ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් තිස්දෙදනකු (32) නිවෙස්වල නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ නිලධාරිහු අද පියවර ගත්හ.
ඇඟලුම් කම්හලේ පාලන අධිකාරියේ ඉල්ලීම පරිදි ඒම ඇඟලුම් කම්හල තාවකාලිකව වසා දැමීමටද නිලධාරිහු පියවර ගත්හ.