පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ වාහන ගන්න පර්මිට් නිකුත් කිරීම නවත්වන පරිදි පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අපේ රටේ ජාතික ආදායමෙන් රුපියල් බිලියන ගණනක්, මන්ත්‍රීවරුන්ට වාහන මිලදී ගැනීමට නොමිලයේ පර්මිට් නිකුත් කරනවා. මේ බර දරන්නේ රටේ අසරණ ජනතාව. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නොවෙයි, පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් දෙනවා.
නමුත් මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබාදීම වළක්වා ගැනීමට නම් පොදු ප්‍රවාහනය ආකර්ෂණීය සේවාවක් ලෙස සංවර්ධනය කළ යුතුයි. මම ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා විදියට ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කළා. බස් රථවල ඝෝෂාකාරී ලෙස ගීත වාදනය කිරීම නැවැත්වුවා. ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ ඉදිරියටම ක්‍රියාත්මක කර ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම පොදු නීතියක් බවට පත් කරනවා යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28) හම්බන්තොට පැවැති මහජන රැස්වීමක් අමතමිනි.
දේශපාලනඥයෝ කියන්නේ වර්තමානයේ පරපුටුවන් පිරිසක් යැයි මහජනතාවට හැගෙන තරමට විකෘති වුන කාරණයක් බවට පත්වෙලා තියෙනවා. දශක කිහිපයකට පෙර දේශපාලනය කියන්නේ ගෞරවණිය තනතුරක් බව තමුන්නාන්සේලා දන්නවා. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා දීමට සිදු වුයේ අපේ රටේ පොදු ප්‍රවාහන සේවා කාර්යක්ෂමව හා ගුණාත්මකව ක්‍රියාත්මක නොවු නිසා කියලා මම විශ්වාස කරනවා. එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් තම දෛනික කටයුතු සිදු කර ගත හැකි වන පරිදි අප රටේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මම පියවර ගන්නවා.
පසුගිය මාස කිහිපය තුළ ඒ සඳහා ගත් පියවර අතර බස් රථයක් පැමිණෙන වේලාව දැක්වෙන පරිදි නව ජංගම යෙදවුමක් හඳුන්වා දුන්නා. දැන් බස් රථයක් එනකම් හෝල්ට් එකේ රස්තියාදු වෙන්න ඔ්න නැහැ. හරියටම වෙලාව බලාගෙනම එන්න පුලුවන්. බස් එක එනවද? නැද්ද කියන එකත් දැනගන්න පුලුවන්. අනික් කාරණය තමයි ඉදිරියේ දී මාර්ගවල ධාවනය කෙරෙන්නේ ලොරි චැසිවලට බොඩි ගහපු බස් නොවෙයි. නියම බස් රථ අපි ධාවනය සඳහා යොදවනවා. මේ වසරේ එවැනි බස් රථ 80ක් අපේ සේවයට එක්වෙනවා.
අනිෂා මානගේ