කොළඹ - බෙලිඅත්ත අතර ධාවනයට එක්කළ ‘දක්ෂිණ’ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද (24දා) සිය මංගල ගමන සිදුකළේය. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මංගල ගමන සිදු කළේය. ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගි දුම්රියක් මේ සඳහා එක්කර තිබේ.
බෙලිඅත්ත - කොළඹ දෛනිකව දුම්රිය මගීන්ගේ ඉල්ලුම සැලකිල්ට ගනිමින් මෙම දුම්රිය ධාවනයට එක් කර තිබේ. කොළඹ බෙලිඅත්ත දක්ෂිණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මරදානෙන් පිටත් වන්නේ සවස තුනටය.
කොළඹ කොටුවෙන් පස්වරු 03.10ට ගමන් කරන එම දුම්රිය බෙලිඅත්තට ළඟා වන්නේ සවස 06.05ට වේ. සෑම දිනකම උදෑසන 02.15ට බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කරන දුම්රිය කොළඹ කොටුවට උදෑසන 05.04ටද මරදානට 05.10ටද ළඟා වීමට නියමිතය.
දුම්රිය අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, වැලිගම, මාතර, කැකණදුර, වැවුරුකන්න යන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ඇත.
ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ කොළඹ සිට උතුරට සහ නැගෙනහිරට වයඹට ගමන් ගන්නා දුම්රිය ඉල්ලක්ක කර මෙම නව දුම්රියේ කාල සටහන සකසා ඇති බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා