බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ දිස්ත්‍රීක් ආයුර්වේද රෝහලේ ඇඳන් 100ක් සහිත වාට්ටු දෙකක් කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කරන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියයි.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර මේ සඳහා ආයුර්වේද රෝහලේ වෛද්‍ය අධිකාරි ශ්‍යාමා හේවගේ මහත්මිය, හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් පී. සුමනසේකර යන මහත්වරු එක්වූහ.
මේ අනුව බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ ඇඳන් 100කින් සමන්විත වාට්ටු දෙකක් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර එම රෝගීන්ට ආයුර්වේද ඖෂධ ලබා දීමට නියමිතය.
මෙම වාට්ටු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පරිදි සංවර්ධනය කිරීමේ කටයුතු යුධ හමුදා නිලධාරින් විසින් සිදු කරනු ලබති.