නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ ගම්මානයේ මුදලට සුදු කෙළියේ යෙදි සිටි ( බුරුවා ගසමින් ) සිටි සැකකරුවන් අට දෙනෙකු සමග සිටි පොහොට්ටු නියෝජනය කරන ප්රාදේශිය සභා මන්ත්රිවරුන් දෙදෙනෙකු (21දා) අළුයම සිදුකල වැටලිමකදි අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
නවගත්තේගම පොලිසියට ලැබුණ තොරතුක් මත අදාළ සුදු ක්රීඩා කළ ස්ථානය වැටලීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් නවගත්තේගම පොලිසියට රැගෙන එමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරිමට කටයුතු කර තිබුණි.
සැකකරුවන් යළි 22 දින ආණමඩුව මහෙස්ත්රාත් අධිකරණයේ පෙනි සිටින ලෙසටද පොලිසිය දන්වා තිබේ .
පුත්තලම හිරාන් ප්රියංකර ජයසිංහ