ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප්‍රහාර ප්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත්රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (10) පෙරවරුවේ නොච්චියාගම ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තමා ප්රතිපත්තීන් ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සිටියදී වසර පහක් රට පාලනය කළ නමුත් ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් සිදු කිරීමට නොහැකි ව පරාජය හමුවේ වියරු වැටී සිටින ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීම සඳහා විවිධ මඩ ප්‍රහාර සැලසුම් කරමින් සිටින බව ඔහු අවධාරණය කරයි.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළ නොහැකි 14, 15 දිනවල මෙවැනි පදනමක් නොමැති අභූත මඩ ප්‍රහාර එල්ල කිරීම සඳහා මේ පිරිස සැලසුම් සකස් කරමින් සිටින බවත් විශේෂයෙන්ම තමාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යානුකූලව විසඳාගෙන තිබෙන බවද මෙහිදී අවධාරණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මඩ ප්‍රහාර හමුවේ වුවද නොසැලී ඉදිරියට ගමන් කරන බව අවධාරණය කළේය.