බ්රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ වැඩිමහල් පුත් සෙනෙට් සභික ෆ්ලේවියෝ බොල්සොනාරෝ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් ඔහු කියා සිටියේ තමා වෛරසයට ධනාත්මක වුවත්, රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි.
39 හැවිරිදි සෙනෙට් සභිකයාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඔහු සිය නිවසේදී හුදෙකලා වෙමින් සිටින බවයි. එමෙන්ම මැලේරියා ඖෂධයක් මෙන්ම, කොවිඩ්-19 සඳහා භාවිතය නුසුදුසු යැයි ප්රකට ක්ලෝරොක්වීන් ලබාගන්නා බවද එම නිවේදනයේ දැක්වෙයි.
ෆ්ලේවියෝ, ජනපති බොල්සොනාරෝගේ පළමු බිරිඳකගේ දරුවෙකු වන අතර, ඔහුගේ වත්මන් බිරිඳ වන 38 හැවිරිදි මිෂෙල්ටත් වඩා වයසින් වැඩිමහලුය.
ඔහුගේ පියා වන බ්රසීල ජනාධිපතිවරයා කොවිඩ්-19 ප්රතිකාරයක් ලෙස මෙම ඖෂධය බලහත්කාරයෙන් ප්රවර්ධනය කරමින් සිටින අතර, ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්රම්ප් එහි නිර්මාතෘවරයා වෙයි.