බ්‍රසීලයේ නව කොරෝන වෛරස ආසාදිතයන් ගෙවීගිය දිනයේදී 26,417ක් ලෙස වාර්තා වූ අතර, එය එරට තුළ වෛරසය පැතිරීම ආරම්භ වූ දින සිට දක්නට ලැබුණු වාර්තාගත ඉහළ යෑමක් බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (29දා) අලුයම වනවිට එරට සමස්ත ආසාදිත අගය දැක්වුණේ 438,238ක් වශයෙනි.
එමෙන්ම පසුගිය පැය 24 තුළ රට තුළ කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 1,156ක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව අද (29දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට දැක්වුණේ 26,754ක් ලෙසිනි.
බ්‍රසීලයේ දෛනික නව කොරෝනා මරණ අනුපාතය 1,000 සීමාව ඉක්මවා ගිය තුන්වැනි දිනය මෙය බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කොවිඩ්-19 සුළු උණ තත්ත්වක් ලෙස සැලකූ අමනෝඥ පාලකයෙකු හේතුවෙන් දකුණු ඇමෙරිකානු කලාපයේ වඩාත් ඛේදනීය ඉරණමකට ලක්වන රාජ්‍යයක් බවට බ්‍රසීලය පත්කරමින් තිබේ.