බ්‍රසීලයේ එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගෙවීගිය දිනය තුළ වාර්තා වූ බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව සඳුදා සිට අඟහරුවාදා දක්වා බ්‍රසීලය තවත් මරණ 1,179 ක් තහවුරු කර ඇති අතර, එමගින් රටේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 17,983ක් දක්වා අද (20දා) වනවිට වර්ධනය වී තිබේ.
බ්‍රසීලයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 17,408ක් වාර්තා වී ඇති අතර, එමගින් රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 271,885ක් දක්වා වර්ධනව වී ඇත.
පෙබරවාරි මාසයේ පළමු ආසාදිතයා තහවුරු කිරීමෙන් පසු බ්‍රසීලයට දිනක වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙදිනය.
සාඕ පෝලෝ ප්‍රාන්තයේ පමණක් අඟහරුවාදා වාර්තාගත මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර පසුගිය පැය 24 තුළ මරණ 324ක් වාර්තා විය.
එක්සත් ජනපදය හා රුසියාවට පසුව ලොව තුන්වනුව වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සිටින රට බවට ඊයේ බ්‍රසීලය පත්වූ අතර, බ්‍රසීලයේ වගකීමෙන් තොර හැසිරීමක් පෙන්නුම් කරන, කොවිඩ්-19 සුළු උණ තත්ත්වයක් ලෙස සැලකූ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සඳහා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට චෝදනා පවතී.
තත්ත්වය මෙසේ තිබියදීත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලතින් ඇමරිකාවට සහ විශේෂයෙන් බ්‍රසීලයට සංචාරක තහනමක් සලකා බලමින් සිටින බවද පැවසීය.