ගෙවීගිය පැය 24ක් තුළ බ්‍රසීලය විසින් නව කොරෝන වෛරසය ආශ්රිත මරණ 1,086ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සමග එරට කොවිඩ්-19 සමස්ත මරණ සංඛ්‍යාව 25,598ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා තහවුරු කරයි.
එසේම ගෙවීගිය දිනයේ එරටින් වාර්තා වී ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 20,599ක් බවද එරට සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ සමග බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 411,821ක් දක්වා ඉහළ ගොස් තිබේ.