දෙවැනි රැල්ල මධ්‍යයේ බ්‍රසීලයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ඒ මේ දක්වා කොවිඩ්-19 වසංගතයෙන් දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට ලෙසිනි.
ඒ අනුව ගෙවීගිය දිනයේ බ්‍රසීලයේ නව දෛනික ආසාදන 87,843ක් වාර්තා වී ඇති අතර, පසුගිය පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 1,524ක් වාර්තා විය.
බ්‍රසීලය කොරෝනා වෛරසයේ පළමු රැල්ලේදී දැඩි පීඩාවකට ලක්වූ රාජ්‍යයක් බවට පත්වූයේ එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ වසංගතය ගණනකට නොගෙන කටයුතු කිරීම හේතුවෙනි. අවසානයේදී ජනාධිපතිවරයාද වෛරසයේ ගොදුරටක් බවට පත්වූ අතර, පසුව ඔහුට ක්‍රමයෙන් වසංගතයේ අවදානම වැටහෙන විට අශ්වයා ඉස්තාලයෙන් පැනගොස් තිබුණි.