බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් 41,350ක් සහ මරණ 758ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.
අමාත්‍යාංශයේ දත්ත වලට අනුව මේ වනවිට බ්‍රසීලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 120,262ක් නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇත. එරට තහවුරු කරනලද සමස්ත කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව දැන් මිලියන 3.84කි.
සාඕ පවුලෝ ප්‍රාන්තය සෙනසුරාදා නව මරණ 250ක් වාර්තා කළ අතර, එමගින් ප්‍රාන්තයේ මරණ 29,944ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන දත්තවලට අනුව, ලෝකයේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අනුව බ්‍රසීලය එක්සත් ජනපදයට පමණක් දෙවැනි වෙයි.
බ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර හැසිරීම දැඩි විවේචනයට බඳුන් වී තිබේ.