බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව කොවිඩ් -19 ආසාදිතයන් 46,934ක් සහ වෛරස් ආශ්රිත මරණ 1,184ක් ගෙවීගිය දිනයේ වාර්තා කර තිබේ.
මෙම නව සංඛ්‍යාලේඛන මගින් රටේ මුළු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,997,865ක් ලෙස මිලියන 4ක සීමාවට පැමිණ ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 123,780ක් දක්වා ඉහළ ගොස් ඇත.
බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් බදාදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී නිකුත් කළ සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය සතියේ බ්‍රසීලයේ වාර්තා වූ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව පෙර සතියට වඩා 11%ක අඩුවීමක් පෙන්නුම් කෙරුවත් එරට දෛනික මරණ සංඛ්‍යාව එලෙසම පවතී.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, ලෝකයේ දෙවැනි වැඩිම කොරෝනා වෛරස ආසාදන හා මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වර්තා වෙයි.