බ්‍රසීලයේ ගෙවීගිය පැය 24 තුළ නව කොවිඩ් -19 ආසාදිතයන් 47,784ක් සහ මරණ 1,352ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
අමාත්‍යාංශයේ දත්තවලට අනුව අවම වශයෙන් පුද්ගලයින් 109,888ක් මේ වනවිට නව කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇත. තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව දැන් අවම වශයෙන් 3,407,354කි.
ලෝකයේ වැඩිම කොවිඩ්-19 ආසාදන හා මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් බ්‍රසීලය තවදුරටත් එක්සත් ජනපදයට පමණක් දෙවැනිව පසුවෙයි.
බ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සිට වෛරසය පාලනය සඳහා නිසි ආදර්ශයක් රටට ලබා නොදීම මීට හේතු වී ඇති බව කියයි.