බ්‍රසීලය සෙනසුරාදා කොවිඩ්-19 හි නව මරණ 559ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත මරණ සංඛ්‍යාව 150,198ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික සෞඛ්‍ය දෙපාර්තමේන්තු කවුන්සිලය පවසයි.
එක්සත් ජනපදයෙන් පසු, මරණ 150,000ක් වාර්තා වූ ලොව දෙවැනි රට බ්‍රසීලය වන අතර, රට තුළ වෛරසය පැතිර යාමට රටේ අන්තරාදායක ප්‍රතිචාරය විවේචනයට ලක්ව තිබේ. එහිදී සෘජුවම ඇඟිල්ල දිගුවන්නේ රටේ නායකයා වන ජෙයර් බොල්සොනාරෝ වෙතය.
රටේ සමහර ප්‍රදේශවල අඩු කොවිඩ්-19 පරීක්ෂණ ධාරිතාව නිසා සැබෑ මරණ සංඛ්‍යාව බෙහෙවින් වැඩි යැයි විශ්වාස කෙරෙයි.
කවුන්සිලය විසින් සෙනසුරාදා නව වෛරස ආසාදිතයන් 26,749ක් වාර්තා කළ අතර, රටේ සමස්ත ආසාදන සංඛ්‍යාව මිලියන 5.08ක් විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, එක්සත් ජනපදය හා ඉන්දියාවට පසුව, බ්‍රසීලය ලොව පුරා තෙවැනි වැඩිම ආසාදිතයන් වාර්තා කරන රටයි.