බ්‍රසීලයේ දෛනික කොවඩ්-19 වෛරස් මරණ පසුගිය දින දෙක තුළ එක්සත් ජනපදයේ සිදු වූ මරණවලට වඩා වැඩි අගයක් ගන්නා බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ගෙවීගිය පැය 24 තුළ අවම වශයෙන් මරණ 1,039ක් බ්‍රසීලයෙන් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත අනුව එක්සත් ජනපදය එම කාලය තුළ අවම වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 683ක් වාර්තා කර තිබේ.
එමෙන්ම ගෙවීගිය සඳුදා අවම වශයෙන් කොරොන වෛරසය ආශ්රිත මරණ 807ක් බ්‍රසීලයෙන් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ එක්සත් ජනපදයෙන් මරණ 500කට ආසන්න අගයක් වාර්තා විය.
ලොව දෙවනුවට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ මේ වනවිට සමස්ත ආසාදිත අගය ලක්ෂ 4ක සීමාවට පැමිණ ඇති අතර, එය අද (27දා) අලුයම ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා කර තිබුණේ ආසාදිතයන් 391,222ක් ලෙසිනි.
එමෙන්ම මේ වනවිට බ්‍රසීලයේ කොරෝනා වෛරසයට ගොදුරුව මේ වනවිට සමස්ත පුද්ගලයන් 24,512ක් මියගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ අවම වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 16,324ක් වාර්තා වී ඇති බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 158,593 දෙනෙකු මේ වනවිට සම්පූර්ණ සුවය ලබා තිබේ.
බ්‍රසීලයට මෙවැනි ඉරණමක් අත්වීම සම්පූර්ණයෙන්ම වෛරසය නොසලකා හැරි, එය සාමාන්‍ය උණ තත්ත්වයක් ලෙස සලකා කටයුතු කළ එරට ජනපති ජෙයර් බොල්සොනාරෝ භාගගත යුතු බවට චෝදනා පවතින අතර, ඔහු තවමත් වෛරසය පැතිරීම හමුවේ වගකීම් විරහිත හැසිරීම් ප්‍රදර්ශනය කරමින් සිටියි.