බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් 51,147ක් වාර්තා කළ අතර, ඒ සමග රට පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රසීලය විසින් නව කොවිඩ්-19 ආසාදිතයන් 50,000කට වැඩි සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා කර ඇති සිව්වැනි දිනය මෙය වන අතර, මේ සතියේ වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛරසය ආශ්රිත මරණ 1,211ක්ද ගෙවීගිය දිනයේ වාර්තා කළ අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.