කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත බේරුවල පළමු ආසාදිත පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බව කියන බේරුවල චීන කොටුව සහ පන්විල ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 65 දෙනෙකු ඊයේ (16) චීන කොටුව මුස්ලිම් දේවස්ථාන භූමියේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ එම අයගේ ජෛව සාම්පල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබා ගත් බව වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගල මහතා සඳහන් කළේය .
බේරුවල පන්විල ප්‍රදේශයෙන් මෙයට සති දෙකකට පෙර පළමු ආසාදිතයා වූ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයා හඳුනාගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ ,දරුවා සහ බිරිඳගේ මව, පියා ඇතුළු 4 දෙනෙකු ද ආසාදිතයන් ලෙස හඳුනා ගෙන රෝහල් ගත කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරන අතර එම ප්‍රදේශවල පුද්ගලයන් 219 දෙනෙකු ද මේ වන විට යුද හමුදාව භාරයේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් පැවැතියදි පුද්ගලයන් 17 දෙනෙකු එම නිරොධායන මධ්‍යස්ථානය තුළදීම කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගැනීම සිදු කළ පරීක්ෂණවලට හැකිවී තිබේ.
ඒ අනුව නැවතත් බේරුවල පන්නිල හා චීන කොටුව ඇතුළු ගම්මාන හතක පවුල් දෙදහකට පුද්ගලයන් 11 293 පිරිසක් හුදකලා කර ස්වයං නිරෝධායන ලක් කර ඇත.
එම ස්වයං නිරෝධායන වන පුද්ගලයන් අතරින් බේරුවල කොරෝනා පළමු ආසාදිතයා ඇසුරු කළ බව හා සමීප සබඳතා පැවැත්වූ කාන්තා පිරිමි පුද්ගලයන් හැටපස් දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළ බව පැවසේ.
අලුත්ගම - තුසිත කුමාර