බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගානගරයේ පදිංචි මන්ත්‍රීවරයකු කොවිඩ් 19 ආසාදිතයකු බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගැනීමෙන් පසු තමාව ද නිවසේ නිරෝධායනයට ලක් කළ බවත්, තම රියදුරා හා තවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද (24) සිට නිරෝධායනය වන බව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා බේරුවල කරුණාසේනපුර නිවසේ දී පැවසීය.
කොවිඩ් ආසාදිත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණි බව කියන බේරුවල ප්‍රාදේශිය සභාවේ දර්ගානගරය උපකාර්යාලය ද දෙසැම්බර් මස (07) වන දින තෙක් වසා තබන බවට නිවේදනය කර ඇතැයි ද හෙතෙම පැවසීය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා