බේරුවල ධීවර වරාය තුළ නැංගුරම්ලා තිබෙන බහුදින යාත්‍රා සීයකට ආසන්න ප්‍රමාණයක් සහ ධීවර වරාය පරිශ්‍රය මුළුමනින්ම අද (07) විෂබීජහරණය කිරීම කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සිදු කළහ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ධීවර වරායක නැංගුරම්ලා තිබෙන යාත්‍රා විෂබීජහරණය ට ලක් කළේ බේරුවල ධීවර වරායේ බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් බේරුවල ගම්මාන කිහිපයකින් ආසාදිතයන් හමුවී අවධානමක් පැවතිය දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින ලැබූ මුළු කාලය තුළම වරාය විවෘත ව පැවති බවත් අද (07) වෙසක් පොහොය නිවාඩු දිනය වරාය පරිශ්‍රය සේවා කටයුතු සිදු නොකරන අතර මෙම විෂබීජ කටයුතු සිදුකළ බවත් විෂබීජහරණය කටයුතු සිදුකළ විශේෂ කාර්ය බලකාය සියලුම නිලධාරීන් ද මෙම කටයුතුවලින් පසු සම්පූර්ණ විෂබීජහරණය ට ලක් කර ගැනීමද මෙහිදී සිදුවිය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා