අලුත්ගම ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේදී සහ ධීවර වරාය භූමියේ සිදුකළ පි.සි.අර්. සහ ක්ෂණික ප්‍රතිදේහය පරීක්ෂණවලින් නව කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනෙකු වාර්තාවීමත් සමග බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බලප්‍රදේශයේ අද (26) දිනට කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු තෙවන කොරෝනා වෛරස යෙන් වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (26) පැවසීය .
මේ අතර ඉකුත් සිකුරාදා කොරෝනා ආසාදිත ගුරුවරිය හමුවූ අලුත්ගම පාසලේ එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු කළ පන්ති කාමර තුනක සිසුවියන් සඳහා පි. සී . ආර් . පරීක්ෂණයක් 27 දින සිදුකරන බවත් හෙතෙම පැවසීය .
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා