ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේදී ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සමග ඉදිරි පැය කිහියය තුළ සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතරුමැද හා වයඹ පළාත්ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.