බොරලැස්ගමුවේදී බීමත්ව මෝටර් රථයක් පදවා එක් පුදගල මරණයට පත්කිරීමේ අදාළ සිදුවීමේ වෛද්‍යවරිය යළිත් එළැඹෙන 30 දා තෙක් බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්වූ අතර ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා තුවාල ලැබීය.
සැකකාරිය මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඇය රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරයි.