මැදිරිගිරිය රත්මල්යාය ප්රදේශයේ අද (20) දින අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ අංක 145 රත්මල්යාය, කහඹිලියාව, පදිංචි නාරංගැටේගෙදර මංජුලා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.
මෙම අඹුසැමියන් දෙදෙනා අතර දින දෙකක් පමණ ආරවුලක් පැවති ඇති අතර පසුව එම කාන්තාව අසල්වාසී නිවසක රාත්රිය ගත කර අද (20) උදෑසන නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී සැමියා විසින් පිහියකින් කපා කොටා ඇය ඝාතනය කර ඇතැයි පොලීසිය කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සිදු වූ අවස්ථාවේදී බරපතළ තුවාල ලැබූ කාන්තාව මැදිරිගිරිය මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී ඇය මිය ගොස් තිබේ.
පසුව ඝාතනය සිදු කළ ඇගේ ස්වාමියා ද නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කහඹිලියාව ඔය අසන්නයේ අඹේපුස්ස මංකඩ අසල වෙල්යායට ගොස් වස පානය කර සියදිවි හානිකර ගෙන වැටි සිටිය දි ගම්වාසින් විසින් දැක පොලීසියට දැනුම් දිමෙන් පසු පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දි ගම්වාසින් සහ ඥාතින් විසින් සියදිවි නසාගෙන මරණයට පත්ව ඇත්තේ බිරිය ඝාතනය කල දුනුකේ බැද්දේ ගෙදර කරුණාරත්න බංඩා නැමැති අය බව හඳුනාගෙන ගත් බව පොලීසිය පවසයි.
එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ රත්මල්යාය දියසෙන්පුර ලිපිනයේ පදිංචි දුනුකේ බැද්දේ ගෙදර කරුණාරත්න බංඩා නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය අඹු සැමි යුවලට දාව වයස අවුරුදු 18 ක පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු 09ක ගැහැණු දරුවෙකු සිටින බව පොලීසිය කියයි. මෙම මරණ පිළිබද මරණ පරික්ෂණ කටයුතු සිදු කිරිම සදහා හිගුරක්ගොඩ දිසා අධිකරණයේ මහේස්ත්රාත් සනත් නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරිමට නියමිත බව මැදිරිගිරිය පොලීසිය පවසයි.