ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ බොරතෙල් ප්‍රවාහන නෞකාවේ කාවේ කපිතාන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නොතීසි ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නීතිපති දප්පුලද ලිවේරා මහතා අද (16දා) උපදෙස් ලබාදී තිබේ.
MT New Diamond නෞකාවේ කපිතාන්වරයා ලෙස ග්‍රීක ජාතිකයෙක් වන තිරෝස් ඉලියාස් නම් වෙයි. ඔහුට එරෙහිව 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළක්වීම පිළිබඳ පනතේ 25, 26, 38 සහ 53 වන වගන්ති යටතේ දඬුවම් ලැබීම සම්බන්ධව ප්‍රමාණවත් කරුණු එනම් ඉදිරිපත් වී ඇති බවට නීතිපතිවරයාගේ මතය වී තිබේ.