බ්‍රිතාන්‍ය සේවායෝජකයන් විසින් අත්‍යවශ්‍යම වෘත්තීන් සඳහා වූ රැකියා අපේක්ෂකයන්ගේ දැඩි හිඟයකට මුහුණ දෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පැවති අගුලු දැමීම් තත්ත්වයන් මෙන්ම, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තුළ ඇති වූ බලපෑම්ද මෙම තත්ත්වයට හේතු වී ඇති බව පවසයි.
මේ අතර බ්‍රිතාන්‍යයේ දිගු කාලීන උද්ධමන පසුබෑමක අවදානම වැඩි කරන බැවින් කඩිනම් පියවර ගැනීමේ අවදානම ඉස්මතු කළත්, සේවකයන්ගේ හිඟය හේතුවෙන් සේවායෝජකයන්ගේ කෝපය තවදුරටත් උත්සන්න වී ඇති බවද සඳහන් වෙයි.
විශේෂයෙන්ම කුසලතාවලින් පරිපූර්ණ සේවකයන්ගේ හිඟයද මේ වනවිට බ්‍රිතාන්‍යයට දැඩිව බලපා ඇති අතර, මෙය යුරෝපා සංගමයටද පොදු කාරණයක් බව එම මණ්ඩලයද සඳහන් කර තිබුණි.