බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඇය කියා සිටියේ, "වෛරසය මට ආසාදනය වී ඇති බව තහවුරු කරගත්තා. එය දැනගත් විගස මම සියලු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළා" යැයි ඇය පැවසුවාය.
මේ වනවිට ඇමැතිනිය සිය නිවසට වී නිරෝධාන ක්‍රියාවලියට සම්බන්ධ වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බවද පැවසෙයි.
කෙසේ වෙතත් ඇය පසුගිය 8දා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමග ලෝක කාන්තා දිනය සැමරීම සඳහාද සහභාගී වී ඇත. කෙසේ වෙතත් අගමැති සමග ගනුදෙනු කළ පුද්ගලයන් 100කට අධික පිරිසක් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමුකර ඇති බවද විදෙස් වාර්තා පවසයි.