කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍ය වැඩිහිටියන්ගෙන් හතරෙන් පංගුවකට වඩා වැඩි පිරිසක් මූල්‍යමය වශයෙන් අවදානමට ලක්ව ඇති බව නවතම සමීක්ෂණයක් අනාවරණය කරයි.
තවදුරටත් ණය බරට තල්ලු වීම හෝ ඉතිරි කළ මුදල් නොමැති වීම, සෞඛ්‍ය පිරිහීම ඇතුළු බොහෝ සෘණාත්මක ජීවිතයක් ඔවුන් වෙත උදාවී ඇති බව කියයි.
එරට ඉහළම බැංකු නියාමකයා වන මූල්‍ය පාලන අධිකාරිය විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලවලට අනුව, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය වැඩිහිටියන් මෙසේ මූල්‍යමය වශයෙන් පීඩා විඳි බව හෙළි වී ඇති අතර, වඩාත්ම පීඩාවට පත්වූවන් අතර කම්කරුවන්, කළු ජාතිකයන් සහ ස්වයං රැකියාවල නියුතු අය වන බව කියයි.