බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජය විසින් කොරෝනා වසංගතයට දක්වන ප්‍රතිචාරය පිළිබඳව තවදුරටත් ප්‍රශ්න රැසක් මතුකරමින් ලොව දෙවැනි වැඩිම මරණ වාර්තා වන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්ව තිබේ.
ඒ අනුව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (06දා) අලුයම වාර්තා කළ දත්තයන්ට අනුව එරට පුද්ගල මරණ 29,501ක් ලෙස වාර්තා වූයේ, ඉතාලියෙන් වාර්තා වූ මරණ 29,315ක් ලෙස ඉතාලිය තෙවැනි තැනට පත් කරමිනි.
එමෙන්ම බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 200,000 සීමාවට පැමිණෙමින් තිබෙන අතර, එම සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 196,240ක් ලෙසිනි.
මෙහි වඩාත් භයානක තත්ත්වය නම් ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ තවමත් වෛරසයෙන් සුවය ලබා ඇත්තේ පුද්ගලයන් 910 දෙනෙකු පමණක් වීමය.