බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සමාජමය වශයෙන් එක්රැස් වීමට නීත්‍යානුකූලව අවසරදී ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 30 සිට 6 දක්වා අඩු කිරීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නව ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරයි.
සඳුදා සිට බලපැවැත්වෙන නව සීමාවන් යටතේ, විශේෂ අවසරයකින් තොරව, හය දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ නීති විරෝධී රැස්වීම් හඳුනාගෙන ඒවා විසුරුවා හැරීමට පොලීසියට බලය පැවරෙයි.
රාජකාරීමය හෝ අධ්‍යාපනික, මංගල උත්සව, අවමංගල්‍ය හෝ ක්‍රීඩා අවස්ථාවක් හැර ගෘහස්ථ හෝ වෙනයම් ඕනෑම රැස්වීමක් මෙම නීතියට යටත් වන බව සඳහන් වෙයි.
"වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අප දැන් ක්‍රියා කළ යුතුයි. එබැවින් අපි සමාජ සම්බන්ධතා පිළිබඳ නීති සරල කිරීම සහ ශක්තිමත් කිරීමත්, ඒවා තේරුම් ගැනීමට පහසු කිරීමත්, පොලීසිය බලාත්මක කිරීමත් කළ යුතුයි." යනුවෙන් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"දැන් මිනිසුන් මෙම නීතිරීති පිළිපැදීම සහ මූලික කරුණු මතක තබා ගැනීම අතිශයින්ම වැදගත්. ඒවා නම් ඔබේ අත් සේදීම, මුඛ ආවරණ පැලඳීම, සමාජ දුරස්ථබව තබා ගැනීම සහ ඔබට රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂණයක් ලබා ගැනීමයි." අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
එක්සත් රාජධානියේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව යළිත් 3,000කට ආසන්න සංඛ්‍යාවක් දක්වා ඉහළ යෑමත් සමග නව ක්‍රියාමාර්ග සඳහා රජය වෙත, ප්‍රධාන වෛද්‍ය නිලධාරි ක්‍රිස් විට්ටි සහ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පැට්රික් වැලන්ස් සහාය ලබාදී තිබේ.
බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 354,917ක් ලෙස සටහන් වන අතර, එරට ආසාදිත මරණ සංඛ්‍යාව 41,675කි.