බ්‍රිතාන්‍යය ජුනි 15දා සිට එරට සියලුම පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන් සඳහා මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කර තිබේ.
එහිදී කුඩා ළමයින්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ ඇති අය සඳහා ව්‍යතිරේකයන් ලබාදෙන අතර, එය බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය විසින් බලාත්මක කළ හැකි බව බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් ඊයේ (04දා) කියා සිටියේය.
වැඩි පිරිසක් නැවත සේවයට පැමිණෙන විට මගීන් අවමකර ගැනීම සඳහා අතිරේක දුම්රිය, බස් සහ උමං මාර්ග දැනට පවතින මාර්ගවලට එකතු කර පොදු ප්‍රවාහන සේවය වේගවත් කරනු ඇති බවද හෙතෙම පවසයි.
කෙසේ වෙතත් පොදු ප්‍රවාහනයේදී මීටර දෙකක දුරක් රැඳී සිටීම සැමවිටම කළ නොහැක්කක් බව පිළිගත් ඔහු, යළිත් කියා සිටියේ නිවසේ සිට වැඩ කළ හැකි අය එය දිගටම කරගෙන යා යුතු බවයි.
අමතර මුඛ ආවරණ ලබාදීම සඳහා ස්වෙච්ඡා සේවකයන් කටයුතු කරන බවත්, මුඛ ආවරණයක් නොමැතිව කිසිසේත්ම පොදු ප්‍රවාහන සේවයට අතුළු විය නොහැකි බවත් හෙතෙම සඳහන් කරයි.
කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් බැලීමේදී, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද (05දා) අලුයම දැක්වුණේ 39,987ක් ලෙසිනි. එරට සමස්ත ආසාදිත අගය 283,079ක් ලෙස සටහන් විය.