ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක්සත් රාජධානියේ ප්‍රථම වරට සොයාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් වන B.1.1.7 හෝ VOC 202012/01 අවම වශයෙන් රටවල් 50ක මෙන්ම, හොංකොං සහ තායිවානයෙන්ද හමුවී ඇති බවයි.
විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පැවති වෛරසය ප්රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබුණද, එය මාරාන්තික හෝ දරුණු රෝග ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
2020 දෙසැම්බර් 14 වැනි දින ප්‍රථම වරට අනාවරණය වූදා සිට මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයෙන් පහක් පුරා රටවල් 50ක් ඉක්මවා VOC 202012/01 අනාවරණය වී තිබේ. එංගලන්තයේ, මෙම ප්‍රභේදය සෑම කලාපයකම සහ පළාත් පාලන ප්‍රදේශයකම පාහේ අනාවරණය වී තිබේ.