ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පසුගිය ජනවාරි 21 දා ඒකපාර්ශිකව ලබා දුන් වරෙන්තු නියෝගය මෙතෙක් බ්‍රිතාන්‍ය මහේස්ත්‍රාත් උසාවිය හෝ අධිකරණ අමාත්‍යංශය ක්‍රියාවට නැගීමට අවශ්‍ය කටයුතු කිසිවක් සිදු නොකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
උසාවිය ලබාදුන් වරෙන්තු නියෝගය පිළිබඳව තොරතුරු විමසා බැලීමේදී මෙතෙක් එවැනි වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝගයක් නිකුත් කර නොමැති බවත් එවැනි නියෝගයක් මෙතෙක් කිසිවෙකුත් විසින් දැක නොමැති බවත් දැන ගන්නට ලැබුණි.
මෙවැනි වාතාවරණයක් තුළ මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් පෙර නියෝගය නැවත සළකා බැලීම සඳහා අද (31 බ්‍රහස්පතින්දා) අධිකරණය විසින් නැවත වතාවක් දිස්ත්‍රික් උසාවි විනිසුරුවරයෙකු ඉදිරියේ කැඳවීමට නියමිතය. මේ අනුව පසුගියදා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව වහාම අත් අඩංගුවට ගන්න යැයි බ්‍රිතාන්‍යයේ සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි යනුවෙන් ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය, පදනම් විරහිත අසත්‍ය තොරතුරක් බව සඳහන් කළ යුතුය.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව මෙම නඩුව බ්‍රිතාන්‍යයේ සිවිල් උසාවියක පවරණු ලැබුවද එම අවස්ථාවේ ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස රාජතාන්ත්‍රික රාජකාරියේ නියැළි සිටි යුධ හමුදා නිලධාරියෙකි.
එවන් වාතාවරණයක් යටතේ එක්සත් ජාතීන්ගේ වියානා ප්රඥප්තියට අනුව ඔහු බ්‍රිතාන්‍ය නීතියට යටත් නොවන්නකු වන අතරම බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේ නඩු පවරා වරදකරු කළ නොහැකිය.