තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (21) දින පස්වරුවේ එල්ල වු බඹර ප්රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලීසිය පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් හෙල්බොඩ වතුයායේ පහළ කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් පස්වරු 3.30 ට පමණ තේ දලු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම නිසා ඇවිස්සුණු බඹරුන් වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකුට සහ වතු කම්කරුවන් 4 දෙනෙකුට පහර දි ඇත.
බඹර ප්රහාරයෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්රාදේශිය රෝහලටත් සෙසු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
බඹර ප්රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරික්ෂණ පවත්වයි.