මස්කෙළිය පොලිස් වසමට අයත් තේවතු දෙකක තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද (23) එල්ල වු බඹර ප්රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙකු මස්කෙළිය ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසිය.
මස්කෙළිය ගවරවිල වතුයායේ සහ මස්කෙළිය සාමිමලේ යන තේ වතු වල වැඩ කරමින් සිටි වතුකම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිවුදෙනෙකුටයි මෙම බඹර ප්රහාරය එල්ල වි ඇත්තේ.
අද උදසැන මෙම බඹර ප්රහාර එල්ල වි ඇත.
බඹර ප්රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිවුදෙනෙකු පමණක් නේවාසිකව ප්රතිකාර ලබන බවත්, බඹර ප්රහාරයෙන් තුවාල ලැබු සෙසු වතු කම්කරුවන් බාහිර රෝගි අංශයෙන් ප්රතිකාර ලබා පිටව ගිය බවයි මස්කෙළිය ප්රාදේශිය රෝහලේ නිලධාරියෙකු කියා සිටියේ.
බඹර ප්රහාරය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය පරික්ෂණ පවත්වයි.