තේ දළු නෙලමින් සිටියදී බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් සිව් දරු මවක් ජිවිතක්ෂයට පත්වු බව ලිදුල රයේ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත්වුයේ ලිදුල පොලිස් වසමට අයත් ටි.ආර්.අයි තේ වත්ත ප්‍රදේශයේ පදිංචි කාරියක වු අලීමා බිබී (59 ) ක සිව් දරු මවකි.
ඇය ඇතුළු පිරිස 2 දා ටි.ආර්.අයී තේ වතුයායේ තේ දළු නෙලමින් සිටියදී ප.ව 3.30 ට පමණ බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබීම නිසා රෝහල් ගත කර තිබේ.
මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමෙන් පසු දේහය ඥාතින්ට භාර දීමට පියවර ගන්නා බවත් අනෙකුත් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වෛද්‍යවරු පැවසුහ.
චන්දන ජයවීර - හැටන්