තලවාකැලේ, ලිඳුල “එන්ෆෝල්ඩ්” තේ වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (15) දහවල් එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් හේතුවෙන් පාසල් දැරියක් ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.
තුවාල ලැබූවන් අතර අවුරුදු 10ක ගැහැණු ළමයෙක්, පිරිමි කම්කරුවන් 06ක් හා කාන්තාවන් 07 සිටිති. තුවාලකරුවන්ගෙන් 06 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් පාසල් දැරිය සමග කාන්තාවන් සිවුදෙනෙක් හා පිරිමින් තිදෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව දිඳුල රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ක්ෂණිකව ඇවිස්සී තමන්ට පහර දුන් බව තුවාල ලබා රෝහල් ගතකර සිටින වතු කම්කරුවෝ පැවසූහ.