මස්කෙළිය ඕල්ටන් වතුයායේ අද ( 05) දින සිදුවු බඹර ප්රහාරයක් හේතුවෙන් ගැබිනි මවක් ඇතුළු 11 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ අද දින මස්කෙළිය ඕල්ටන් වතුයායේ සිදුවු බඹර ප්රහාරයක් හේතුවෙන් පිරිමි හයදෙනකු හා කාන්තාවන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත්ය.
එම තුවාලකරුවන් අතර ගැබිනි මවක්ද සිටි බවත් එම මව වැඩිදුර ප්රතිකාර සදහා දික්ඔය දිස්ත්රික් මුලික රෝහල වෙත මාරුකර යැවු බවද එම නිලධාරියා පවසන ලදි.
වතුකරය තුල සිදුවන බඹර ප්රහාරයන් වර්ධනය විමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වතු කම්කරුවන් පිරිසක් පවසති.
( චන්ද්ර සෙල්ලහේවා හැටන් )