කොළඹ ප්රදේශයේ බෝම්බ පුපුරණ දින මැදිරිගිරිය ප්රදේශයේ කාන්තාවක් හට ජංගම දුරකථනයකින් අමතා මැදිරිගිරිය ප්රදේශයට පැමිණෙන බස් දෙකක බෝම්බ තබා ඇතැයි කියා බිය ගැන්වු කුරුණෑගල කොබෙයිගනේ මුස්ලිම් තරුණයෙකු සහ සිංහල තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද (23) දින හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හිඟුරක්ගොඩ දිසා අධිකරණයේ මහේස්ත්රාත් සනත් නානායක්කාර මහතා නියෝග කල බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
මේ පිළිබඳ මැදිරිගිරිය පොලීසිය මැදිරිගිරිය නවනගරයේ පදිංචි කාන්තාවකට කිසියම් පුද්ගලයෙකු විසින් තම ජංගම දුරකථනයට ඇමතුමක් ලබා දි කොළඹ සිට මැදිරිගිරියට පැමිණෙන මගි බස්රථ දෙකක බෝම්බ අටවා එවා ඇති බවත් එය තව නොබෝ වේලාවකින් පුපුරණ බව පවසා තිබේ.
මේ දුරකථන ඇමතුම පිළිබඳ වහාම ඇය විසින් මැදිරිගිරිය පොලීසිය වෙත දැනුම් දි ඇත. ඒ අනුව වහා ක්රියාත්මක වු මැදිරිගිරිය පොලිසිය දුරකථන ඇමැතුම දුන් පුද්ගලයා පිළිබද විමර්ශන කිරිමේ දි එම ඇමැතුම කුරුණෑගල කොබෙයිගනේ ප්රදේශයේ පුද්ගලයෙකු විසින් ලබා දි ඇති බව අනාවරණය වි ඇත.
එම ලිපිනය සොයා කුරුණෑගල කොබෙයිගනේ ගමට ගොස් එම මුස්ලිම් ජාතික පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරිමේ දි තමන් විහිළුවක් කල බවත් තව සිංහල යහළුවන් දෙදෙනෙකුත් සමඟ සිදු කල බවයි.
ඒ අනුව සිංහල තරුණයන් දෙදෙනා සහ මුස්ලිම් තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තරුණයන් වයස අවුරුදු 18, 19, 20 වයස්වල අය බව හදුනාගෙන ඇත.