බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (18දා) මධ්‍යාහ්න 12.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා පවසයි.
අධිවේගී මාර්ග ඇතුළුව දිවයිනේ සියලුම මාර්ග ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවත් එහිදී ශ්වස්න වායු පරික්ෂාව මෙන්ම බ්‍රෙතලයිසර් පරීක්ෂාව සිදුකරන බව ඔහු සඳහන් කළේය.
එසේම පසුගිය 13 දා සිට ක්‍රියාත්මක වූ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලට අදාළව අද පෙරවරු 6.00 වන විට එම රියදුරන් 1834ක් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු පැවැසීය.
අධිවේගයේ වාහන ධාවය කිරීමේදී නියමිත වේගයෙන් වාහන ධාවනය කරන ලෙසත් නියමිත දුර තබාගෙන වාහන ධාවනය කරන ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.