බීමත්ව ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අහංගම නගරයේ දී ඊයේ (01දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත්බව අහංගම පොලීසිය පවසයි.
මෙකි විදේශිය ජාතිකයා කොරෝනා වසංගතයට පෙර මෙරටට පැමිණ ඇති අතර ඔහු නතර වී සිටින හෝටලයට බීමත්ව ත්‍රිරෝද රථය පදවාගෙන යමින් සිටියදි පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර මෙම මස 11 වැනිදින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.