බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් ව ඇති බවත් , එම තරුණයා සොයා දින තුනක් තිස්සේ පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් දියත් කලත් , අතුරුදහන් වු තරුණයා පිළිබදව කිසිදු හොඩුවාවක් මෙතෙක් ලැබි නොමැති බවත් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
මෙසේ අතුරුදහන් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහල කොටසේ පදිංචි තිරුචෙල්වම් ප්රභාකරන් නැමති (26) හැවිරිදි තරුණයෙකි.
අතුරුදහන් වි ඇති තරුණයා ඉකුත් (09) දින උදැසන ඔහු පදිංචි වතු යායට ඉහළින් වු බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය බවත්, එදින සිට මේ වන තෙක් නිවසට නොපැමිණි නිසා ඔහුගේ දෙමව්පියන්ගෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබි ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අතුරුදහන් වි ඇති තරුණයා නිතර නිතර දර කැඩීමට එම රක්ෂිතය තුළට පිවිසෙන බවත්, අතුරුදහන් වු තරුණයා ඔහුගේ ජංගම දුරකථනයද දර කැඩිමට යන අවස්තාවේ රැගෙන ගොස් ඇති බවත්, එම ජංගම දුරකථනය මේ වන විට ක්රියා විරහිත වී ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වෙනම පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද බගවන්තලාව පොලීසිය පැවසීය.