බිඳ වැටි විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාසය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 267 ක වියදමින් ඉදි කිරීමට නියමිත මහනුවර තෙල්දෙණිය අධිකරණ ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට අද (27) එක්වෙමිනි .
එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
“මේ අධිකරණය ඉදි කරනු ලබන ස්ථානය පිළිබඳව මත දෙකක් තිබුණා. ඒත් අද සියලු දෙනාගේ එකඟතාවය අනුව මෙම ස්ථානයේ ඉදි කිරිමට කටයුතු කර තිබෙනවා. මෙම අධිකරණ ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා බදු ගෙවන ජනතාවගේ මුදල් මිලියන 267 ක් වැය කිරීමට නියමිතයි. අද වනවිට උසාවි වගේම බන්ධනාගාරත් බෝහෝම අබලන් වෙලා. ඒ නිසා අපි බන්ධනාගාරවලටත් මීට වඩා පහසුකම් ලබා දිය යුතුයි. බන්ධනාගාරගතව දඩුවම් විදින රිමාන්ඩ් වෙලා ඉන්න රැඳවියන්ගේ පහසුකම් අපි වැඩි කළ යුතුයි. අධිකරණවලට ලබා දෙන පහසුකම් ඒ ආකාරයෙන්ම බන්ධනාගාරයටත් ලබා දිය යුතුයි. පසුගිය කාලය පුරාවටම අපේ අමාත්‍යාංශය ප්‍රමුඛතාවය ලබාදි තිබෙන්නේ උසාවි හදන්නයි. අපි උසාවිවලට වගේම බන්ධනාගාරවලටත් පහසුකම් දීලා මේ අසමතුලිතතාවය නැති කළ යුතුයි. ඊළඟ අයවැයේදී මේ අංශ දෙක සදහාම සලකා බලා සාධාරණව කටයුතු කරනවා. නවීන ලෝකය සමග තාක්ෂණය සමග අධිකරණයත් ඉදිරියට යා යුතුයි. ඒ සදහා නිර්මාණශීලි වැඩ අධිකරණ පද්ධතිය තුළ සිදු කළ යුතුයි. අධිකරණ ක්ෂේත්රයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා වගේම අධිකරණයේ පිහිට පතාගෙන පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි. අපි හැම අවස්ථාවකම හිතන්නේ විනිසුරුවරුන්ගේ නීතිඥයින්ගේ පහසුකම් පිළිබඳව විතරයි අපි ඊටත් වඩා මහජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි.
සමාජ සාධාරණත්වය පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුව පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සමාජ සාධාරණත්වයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි. අද වනවිට අධිකරණ පද්ධතිය පිළිබදව ජනතා විශ්වාසය බිඳ වැටිලා තියෙනවා විනාශ වී ගිය අධිකරණය පිළිබදව වු විශ්වාසය යළි ඇති කිරීමේ ක්‍රියාවලිය වගකීම මේ රජයට තිබෙනවා. ඒ සදහා විනිසුරුතුමන්ලා නීතිඥවරුන් පෙරමුණ ගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
අපි පසුගිය කාලය තුළ විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළා. අධිකරණය ඉදිරියට පැමිණෙන ජනතාවට තම නඩුකරය සාධාරණව විසදා ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුයි. අද වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදය අවම කිරීමට කටයුතු කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අමතරව ඇතැම් පරීක්ෂණ කටයුතු සිදු කිරීම සදහා විශ්ව විද්‍යාලවල පරීක්ෂණාගාරවල සහායත් ලබා ගත හැකියි. නඩු සදහා පැමිණෙන ජනතාවට අපේ අධිකරණ තුළින් උපරිම සමාජ සාධාරණත්වය ලබා දිය යුතුව තිබෙනවා. අධිකරණ අමාත්‍යවරයා වශයෙන් නඩු කඩිනම් කරන්න මට බැහැ. ඇතැම් අවස්ථාවල නඩු අවසන් කළත් තීන්දුව ලබා දෙන්න ප්‍රමාද වෙනවා. ජනතාව හිතනවා නඩු තීන්දුව ඉක්මනට දෙන්න බැරි අධිකරණ ඇමතිගෙන් රජයෙන් ඇති වැඩේ මොකට ද කියලා. සමස්ත අධිකරණ පද්ධතිය පිළිබඳවම අපි අලුතින් සිතා බැලිය යුතුව තිබෙන බවද අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කළ ස්වාධින කොමිසන් සභාවලින් පත් කරනු ලබන කොමිසන් සභා සාමාජිකයින් පිළිබදව පසු විපරම් සිදු කිරීමේ බලයක් එම කොමිසන් සභාවට නැහැ. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මීට වඩා ගැඹුරින් සොයා බැලිය යුතුයි. ඒ තුළින් කොමිසන් සභා වලින් කෙරෙන සේවය පිළිබඳව පසු විපරම් කිරීමේ ක්‍රමයක් ඇති කළ යුතුයි යැයි” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a09bdba886.jpg)