2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද චම්පා ජානකි රාජරත්න ,දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මින් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිමට නියමිතව තිබුණි.