බන්ධනාගාර වහලය මතට නැග උද්ඝෝෂණ සිදුකළත් වෙනසක් ඇති කළ නොහැකි බවත්, කැමති විදිහට විරෝධතා දැක්වීමේ අයිතිය වර්තමානයේ රටතුළ පවතින බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය.
නිවිතිගල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමත්‍යවරිය මෙම අදහස් අද (13දා) පළ කළාය.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ ඒ මහත්මිය,
“ ඒ පිළිබඳව මං වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දීලා තියෙනවා. වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් යන පිළිවෙළට යනවා මිසක් අපිට වෙනසක් කරන්ඩ බැහැ. ඕන කෙනෙකුට තමන්ට කැමති විදිහට උද්ඝෝෂණය කිරීමේ අයිතිය අද මේ රටේ ඇති කරලා තියෙනවා.
උද්ඝෝෂණය කරපුවාම ඉස්සර වගේවෙඩි තියන්නේ නැහැනේ. අපි බොහෝම කල්පනාකාරීව ඉවසිල්ලෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. කවුරුත් අද මේ රටේ පිළිඅරගෙන තියෙනවා බන්ධනාගාරය තුළ තවමත් නීති විරෝධී වැඩ කටයුතු කෙරෙනවා කියලා. ඒක මම කොහොම හරි පාලනය කරනවා.” යැයි පැවසුවාය.